බස්නාහිර ඩෙංගු අධිඅවදානම්

ඩෙංගු

ඩෙංගු රෝගීන්ගේ වාර්තාගත ඉහළයාමක් යළිත් වරක් පෙන්නුම් කරන බව වසංගත රෝග විද්‍යා අංශය පවසනවා.

මෙම වසරේ ගතවූ දින කිහිපය තුළ පමණක් ඩෙංගු රෝගීන් 4,387 දෙනෙකු වාර්තා වී ඇති අතර ඉන් සියයට 32.5 ක් ම වාර්තාවී ඇත්තේ බස්නාහිර පළාතෙන් වීම විශේෂත්වයක්.

ගතවූ මාස 10 තුළ පමණක් ඩෙංගු බවට සැක කරන රෝගීන් 20,334 ක් වාර්තා වී තිබුණා.

රෝගීන් 145 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ.

මේ දිනවල වාර්තාවන ඉන්ෆ්ලු‍වෙන්සා රෝගයේ ලක්ෂණ ද ඩෙංගු රෝග ලක්ෂණ හා බොහෝ සෙයින් සමාන වන බැවින් රෝගී තත්ත්වය නිශ්චය කර නොගෙන ලබාගන්නා ඖෂධ හේතුවෙන් විවිධ සංකූලතා ඇති වූ අවස්ථාවන් ද පසුගිය දිනවල වාර්තා වී තිබුණා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *