පළාත් පහකට තද වැසි – මුහුද තවදුරටත් අවදානම්

ගිණිකොණ දිග බෙංගාලබොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින අඩුපීඩන කලාපය හේතුවෙන් අද (30) සවස් කාලයේ සිට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
විශේෂයෙන් උතුර, නැගෙනහිර, ඌව, උතුරුමැද සහ මධ්‍යම පළාත්වලට විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි අතර, ඇතැම් ස්ථානවලට මිලිමීටර 150 ක තද වැසි ඇතිවිය හැකියි.
එමෙන්ම දිවයිනේ බොහෝ ප්‍රදේශවලට සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා.
මේ අතර නැගෙනහිර මුහුදු ප්‍රදේශයේ සුළඟේ වේගය පැයට කිලෝමීටර 70 දක්වා ඉහළ යා හැකි බැවින් ඉදිරි පැය විසි හතර තුළ එම මුහුදු ප්‍රදේශවල යාත්‍රා නොකරන ලෙස ධීවර සහ නාවික ප්‍රජාවට දැනුම් දෙනවා.