ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අද දෙවන වරටත් රැස්වෙයි

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ දෙවන රැස්වීම අද (30) පෙරවරුවේ පැවැත්වෙනවා.
කථානායක මහින්ද යාපා අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන් එය පැවැත්වෙන්නේ පාර්ලිමේන්තු සංකීර්ණයේ දියි.
පසුගිය 25 වැනිදා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ පළමු රැස්වීම පැවැති අතර, එහිදී කොමිෂන් සභා සඳහා නව සාමාජිකයින් පත් කිරීමේ ක්‍රමවේදය පිළිබඳව සාකච්ඡාවට බඳුන් වුණා.
කෙසේ වෙතත් අද (30) පැවැත්වෙන රැස්වීමේ දී ඒ සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ඡා කිරීමට නියමිත බවයි වාර්තාවන්නේ.
පළමු ව්‍යවස්ථා සභා රැස්වීමේ දී මැතිවරණ, රාජ්‍ය සේවා, ජාතික පොලිස්, විගණන සේවා, මානව හිමිකම්, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශනය, මුදල්, සීමානිර්ණය සහ ජාතික ප්‍රසම්පාදන යන කොමිෂන් සභා සඳහා සුදුසුකම් ලත් පුද්ගලයන්ගෙන් පුවත්පත් දැන්වීම් හරහා අයදුම්පත් කැඳවීමට එකඟත්වය පළ කෙරුණා.