සාමාජිකයන් ඉල්ලා අස් වීම පිළිබඳ මැතිවරණ කොමිසමෙන් නිවේදනයක්

මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ඇතුළු සාමාජිකයන් අස් වී ඇති බවට සහ කොමිෂන් සභාවේ එක් සාමාජිකයකුගේ ඉල්ලා අස් වීම ජනාධිපති කාර්‍යාලයය වෙත යොමු කර ඇති බවට පුවත් කිහිපයක් ම මේ වන විට ජන මාධ්‍යය හරහා ප්‍රචාරය වනවා.

නමුත් මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයකුගේ ලිඛිත ඉල්ලා අස් වීමක් හෝ එසේ යවන ලද ලිපියක පිටපතක් හෝ මේ දක්වා මැතිවරණ කොමිෂන් සභාව වෙත ලැබී නොමැති බව යි වාර්තා වන්නේ.

එසේ ම මැතිවරණ කොමිෂන් සභාවේ ව්‍යවස්ථාපිත කාර්‍යයන් හා 2023 පළාත් පාලන ඡන්දය විමසීමට අදාළ කාර්‍යයන් කිසිදු අඩාල වීමකින් තොර ව සැලැසුම් කර ඇති ආකාරයට ම ක්‍රියාත්මක කෙරෙනු ඇති බවත් සඳහන්.

කොමිෂන් සභාව කෙරෙහි මහජනතාවගේ විශ්වාසය පලුඳු කිරීමේ අරමුණෙන් ප්‍රචාරය වන මෙම අසත්‍ය පුවත් නිරන්තරයෙන් වාර්තා වන ආකාරය කොමිසමට නිරීක්ෂණය වී ඇති බව ද වාර්තා වනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *