ජල නළයක් පුපුරා යාමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

පුද්ගලයෙකු ජීවිතක්ෂයට

මාවනැල්ල – හෙම්මාතගම මාර්ගයේ වෑත්තෑව දක්වා අලුතින් එලන ලද ජල නළයක් පුපුරා යාමෙන් මාර්ගයේ ගමන් කරමින් සිටි පුද්ගලයෙකු මියගොස් තිබෙනවා.

ඊයේ මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ මාවනැල්ල – දුනුගම ප්‍රදේශයේ පදිංචි 68 හැවිරිදි පුද්ගලයෙකු බවයි මාවනැල්ල පොලිසිය සඳහන් කළේ.

මාවනැල්ල ජල සම්පාදන මණ්ඩලයට අනුබද්ධ සමාගමක් අදාළ නළයේ පීඩනය පරීක්ෂා කරමින් සිට තිබෙනවා.

එම අවස්ථාවේ නළය පුපුරා ඇති අතර, අසළින් ගමන් කරමින් සිටි මෙම පුද්ගලයා ජීවිතක්ෂයට පත්ව ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *