2022 වසරේ ලාදුරු රෝගීන් 1,325ක්

ශ්‍රී ලංකාව ලාදුරු තුරන් කළ රටක් ලෙස සහතික කර ඇතත්, පසුගිය වසරේ මෙරටින් ලාදුරු රෝගීන් 1,325ක් වාර්තා වී ඇතැයි ලාදුරු මර්ධන ව්‍යාපාරය පවසනවා.
එම ව්‍යාපාරය සඳහන් කළේ, වාර්තා වී ඇති රෝගීන්ගෙන් සියයට 10ක් ම වයස අවුරුදු 15ට අඩු ළමයින් බව යි.
එමෙන්ම රෝගීන්ගෙන් සියයට 40ක් බස්නාහිර පළාතෙන් වාර්තා වන අතර, එම ප්‍රමාණයෙනුත් සියයට 50ක් වාර්තා වන්නේ කොළඹ දිස්ත්‍රික්කයෙන්.