සර්ව පාක්ෂික හමුව අද

පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම පක්ෂ නායකයන්ගේ සහභාගිත්වයෙන් සර්ව පාක්ෂික හමුවක් අද (26) ජනාධිපති කාර්යාලයේ දී පැවැත්වෙනවා.
පස්වරු 4ට මෙම හමුව පැවැත්වෙන අතර එහි ප්‍රධානත්වය දරන්නේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ යි.
මීට අමතර ව කතානායකවරයා, අග්‍රාමාත්‍යවරයා, විපක්ෂ නායකවරයා, මෙන්ම හිටපු ජනාධිපතිවරුන්ද මෙම හමුවට එක්වන බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.
පසුගිය වසරේ දෙසැම්බර් මස 13 වනදා පැවති පක්ෂ නායක හමුවේ දී සාකච්ඡාවට බඳුන් වූ සංහිඳියාව වැඩිදියුණු කිරීමේ වැඩපිළිවෙළ පිළිබඳ එහි දී වැඩිදුරටත් සාකච්ඡාවට බඳුන් කෙරෙනු ඇති.
ඒ පිළිබඳ පක්ෂ නායකයන්ගේ එකඟතාවයක් ද ඇති කර ගැනීමට නියමිත බව යි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.