රුසියානු යුවළක් කටුනායක ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට

අත්අඩංගුවට

රුසියාවේ මොස්කව් නුවර බලා පිටත්ව යෑමට කටුනායක ගුවන් තොටුපලට පැමිණි රුසියානු යුවලක් සෙල්ලම් පිස්තෝල ලෙස හැඟවෙන උපකරණ දෙකක් නිසා ඊයේ ගුවන් තොටුපල පොලීසිය අත්අඩංගුවට ගත්තා.

ඒ, ආරක්ෂක පරීක්ෂාවේදී ස්කෑනර් යන්ත්‍ර මගින් එම පිස්තෝල නිරීක්ෂණය වීමත් සමඟයි.

ගුවන් තොටුපල පොලිසිය ප්‍රකාශ කර තිබුණේ මෙම පිස්තෝලවල උණ්ඩ ගමන් කරන බටය ලෝහවලින් නිර්මාණය කර තිබීම හේතුවෙන් ඔවුන් අත්අඩංගුවට ගත් බවයි.

කෙසේ වෙතත්, ඒවා අද දිනයේ කොළඹ ක්ෂේත්‍ර බලකා මූලස්ථානය වෙත වැඩිදුර පරීක්ෂා කිරීම් සඳහා භාරදීමට නියමිතයි.

මෙම යුවල සමඟ ඔවුන්ගේ 9 හැවිරිදි පුතුද රැඳී සිට ඇති අතර, ඔවුන් කොළඹ පදිංචි වී සිටිමින් රුසියාව සහ ශ්‍රී ලංකාව අතර සංචාරකයන් ගෙන්වීමේ සහ තොරතුරු තාක්ෂණ ව්‍යාපාරයේ නිරතව සිටින බව සඳහන්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *