නව සුරාබදු පනත් කෙටුම්පත කඩිනමින් පාර්ලිමේන්තුවට

රංජිත් සියඹලාපිටිය

නව නීතිවිරෝධී මත්ද්‍රව්‍ය වර්ග සමාජය තුළ ප්‍රචලිත වීම ඊට අදාළ මුදල් සංසරණ ක්‍රමවේදයක් වැළැක්වීම ඇතුළු කරුණු රැසක් ඇතුළත් නව සුරාබදු පනත් කෙටුම්පත කඩිනමින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සූදානම් බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

අදාළ පනත යුගයට ගැළපෙන පරිදි යාවත්කාලීන විය යුතු බවයි මුදල් අමාත්‍යාංශයේ ඊයේ පැවති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු කියා සිටියේ.

1912 වසරේ සිට හඳුන්වා දුන් සුරාබදු ආඥා පනත මේ වනවිට වාර්තාගත ලෙස සංශෝධන සහ නිවේදන 1200කින් පමණ වෙනස්වෙමින් සංකීර්ණත්වයට පත්ව ඇති බවද අමාත්‍යවරයා එහිදී ප්‍රකාශ කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *