දියවන්නාවේ බෝට්ටුවක් පෙරළී පුද්ගලයෙක් අතුරුදන්

පාර්ලිමේන්තුව අසළ දියවන්නා ඔයේ බෝට්ටුවක් පෙරළීමෙන් එක් අයෙකු අතුරුදන් වී තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දුව සඳහන් කළේ, බෝට්ටුව අනතුරුට ලක්වන අවස්ථාවේදී එහි තවත් පුද්ගලයින් 3 දෙනෙකු සිට ඇති බවයි.
ඔවුන් සිය ජීවිත බේරාගෙන ඇති අතර රාජගිරිය ප්‍රදේශයේ පුද්ගලයින් සිව්දෙනෙකු එලෙස අද අලුයම මාළු ඇල්ලීම සඳහා දියවන්නා ඔයට ගොස් තිබෙනවා.