කුලියාපිටිය පොලිස් වසමේ මාර්ග කිහිපයක රථවාහන ධාවනය හෙට සීමා කෙරේ

හෙට (27) දිනයේ දී කුලියාපිටිය, මාදම්පේ මාර්ගය සොහොන කඩේ මංසන්ධියෙන් ගමනාගමනය සීමා කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසනවා.

කුලියාපිටිය, අස්වැද්දුම ශ්‍රී ශාසනාලංකාර විහාරස්ථානයේ වාර්ෂික දුරුතු පෙරහර එදින පස්වරු 06 සිට අලුයම 02 දක්වා වීථි සංචාරය කිරීම ඊට හේතුව බවයි ඔවුන් නිකුත් කළ නිවේදනයක දැක්වුණේ.

මේ හේතුවෙන් විකල්ප මාර්ග භාවිත කරන ලෙසයි පොලිසිය ජනතාවට දැනුම් දෙන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *