ඇමති බන්දුල එළවළු සහ පළතුරු ප්‍රවාහනය පිළිබඳ වාර්තාව ඉල්ලයි

බන්දුල ගුණවර්ධන

දුම්රිය මගින් එළවළු සහ පළතුරු ප්‍රවාහනය කිරීමේ ව්‍යාපෘතිය පිළිබඳව සවිස්තර වාර්තාවක් කඩිනමින් සකස් කිරීමට පියවර ගන්නා ලෙසට ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන බලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා.

හාලිඇල, ඔහිය, අඹේවෙල, පට්ටිපොල සහ නානුඔය වැනි දුම්රිය ස්ථාන කේන්ද්‍ර කරගනිමින් දුම්රිය දෙපාර්තමේන්තුව විසින් විශේෂ දුම්රිය මැදිරි කිහිපයක් යොදා පර්යේෂණ ධාවනයක් පසුගියදා සිදු කළා.

මගී ප්‍රවාහනයෙන් ඉවත් කර තිබෙන, දුම්රිය මැදිරි 05 ක් සුදුසු පරිදි නවීකරණය කර අදාළ පර්යේෂණ ධාවනය සිදුකර තිබෙනවා.

එබැවින් කඩිනමින් දුම්රිය මගින් එළවළු සහ පළතුරු ප්‍රවාහනය කිරීමේ ක්‍රමවේදය සකස් කරන ලෙසටයි විෂය භාර අමාත්‍ය බන්දුල ගුණවර්ධන බලධාරීන්ට උපදෙස් ලබාදී ඇත්තේ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *