සහල් තොග කිලෝ ග්‍රෑම් ලක්ෂ හැටක් මේ වන විට අස්ථානගත වෙයි ?

රුපියල් බිලියනයකට වඩා වටිනා රජයේ සහල් තොග කිලෝ ග්‍රෑම් ලක්ෂ හැටක් මේ වන විට අස්ථානගත වී තිබෙන බව එක්සත් සහල් නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති මුදිත් පෙරේරා අද (25) පොළොන්නරුවේදි පැවති මාධ්‍ය හමුවකදි කියා සිටියා.
වී වෙළඳපොලේ තරගකාරිත්වයක් නොමැති වීමත් ලැබෙන වී අස්වැන්න ප්‍රමාණවත් නොවීම හේතුවෙන් වෙළඳපොලෙ වී මිල රුපියල් අසුවත් අසුපහත් අතර මිලකට පහත වැටි තිබෙනවා.මේ අතර මේවර මහ කන්නයේ රජයේ සහතික වී මිල ඉදිරිපත් කරමින් කඩිනමින් රජය මැදිහත් වී මිලදීගැනීමේ ක්‍රියාවලිය ආරම්භ නොනොකළහොත් තව දුරටත් වී මිල පහළ යාමෙන් ගොවින් මහත් අපහසුතාවයකට ලක් විමට ඉඩ තිබෙන බවයි ඒ මහත වැඩිදුරටත් කියා සිටියේ