විදුලිබල ලේකම්වරයා සහ උපයෝගීතා කොමිසමේ සභාපති මානව හිමිකම් කොමිසමට

මානව හිමිකම් කොමිසම

විදුලිබල හා බලශක්ති අමාත්‍යංශයේ ලේකම්වරයා සහ ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිසමේ සභාපතිවරයා අද, ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම වෙත කැඳවා තිබෙනවා.

ඒ උසස් පෙළ විභාගය පැවැත්වෙන කාලසීමාවේ දී විදුලි විසන්ධි කිරීම වළක්වාලීමට අවශ්‍ය සුදුසු පියවරක් නො ගැනීම හේතුවෙන්.

ඊයේ දිනයේ රටේ විදුලි අවශ්‍යතාවය වෙනුවෙන් ගිගා වොට් පැය 42යි දශම 58ක විදුලි උත්පාදනයක් කර විදුලිබල මණ්ඩලය විසින් ජාතික පද්ධතියට එක්තු කර ඇති අතර, විදුලි කප්පාදුවෙන් ගිගා වොට් පැය 2යි දශම 22ක ධාරිතාවක් ඉතිරි කර ගැනීමට හැකි වූ බවයි විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය සඳහන් කළේ.

මේ අතර කප්පාදුවකින් තොර ව විදුලිය ලබාදීමේ හැකියාව මෙන්ම නොරොච්චෝලේ තාප බලාගාරයට අවශ්‍ය ගල් අඟු‍රු ලබා ගැනීම පිළිබඳ සාකච්ඡාවක් ලංකා විදුලිබල මණ්ඩලයේ සහ ලංකා ගල් අඟු‍රු සමාගමේ නිලධාරීන් සමග විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ඊයේ (24) පවත්වනු ලැබුවා.

එහි දී අනාවරණ වී ඇත්තේ ජනවාරි මාසය වෙනුවෙන් සැලසුම් කළ ගල් අඟු‍රු නෞකා 7න් 5ක ගල් අඟු‍රු මේ වන විට ලබා ගෙන ඇති බව යි.

එසේම තවත් ගල් අඟුරු නෞකා 2ක් මෙම මාසය තුළදී දිවයිනට ළඟා වීමට නියමිත යි.

ඒ අනුව මේ වන විට ගල් අඟු‍රු නෞකා 10ක් මෙම කාල සීමාව වෙනුවෙන් ලබාගෙන ඇති අතර සම්පුර්ණ අවශ්‍යතාවය වෙනුවෙන් ගල් අඟු‍රු නෞකා 33ක් ලබා ගත යුතුව ඇති බව ද එහි දී අනාවරණ වුණා.

එමෙන්ම පෙබරවාරි මාසයේ දී ගල් අඟු‍රු නෞකා 7ක්, මාර්තු මාසයේදී නෞකා 7ක් සහ අප්‍රේල් මාසයේදී නෞකා 7ක් ලබා ගැනීමට සැලසුම් සකස් කර තිබෙනවා.

ඒ වෙනුවෙන් අවශ්‍ය මුදල් ලබා ගැනීම වෙනුවෙන් මේ වන විට රාජ්‍ය බැංකු දෙකකින් ඉල්ලීම් කර ඇති බවයි අනාවරණ වුණේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *