වසන්ත මුදලිගේ යළි රිමාන්ඩ්

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ලබන මස 8 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
ඒ, ජනාධිපති මන්දිරයට කඩා වැදීමේ සිද්ධිය සම්බන්ධයෙන් වන නඩුව අද (25) කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ හමුවේ කැඳවූ අවස්ථාවේ දීයි.