රටළුෑණු, අර්තාපල් සහ සුදුසීනි තොග මිල අඩුවේ

රට ළුෑණු සහ අර්තාපල්

පිටකොටුව තොග වෙළඳපොලේ ආනයනික රට ළුෑණු සහ අර්තාපල්වල තොග මිල පහළ ගොස් තිබෙනවා.

අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමය සඳහන් කළේ ආනයන රටළුෑණු කිලෝවක නව තොග මිල රුපියල් 130ක් බවයි.

එමෙන්ම, ආනයනික අර්තාපල් කිලෝවක නව තොග මිල වන්නේ රුපියල් 100ක්.

ඒ අනුව, ආනයනික රට ළුෑණු කිලෝවක් රුපියල් 50කින් සහ ආනයනික අර්තාපල් කිලෝවක් රුපියල් 80ත් 100ත් අතර මිලකින් පහත වැටී තිබෙනවා.

මේ අතර, ආනයනික සුදු සීනි කිලෝවක තොග මිල වන්නේ රුපියල් 205ක්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *