මෙරට නිල විදේශ සංචිත පිළිබඳ මහබැංකුවෙන් නිවේදනයක්

2022 අවසානය වන විට ශ්‍රී ලංකාවේ දල නිල සංචිත ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 1.9ක් ලෙස ඇස්තමේන්තු කර තිබෙනවා.
මේ අතර, චීනයේ මහජන බැංකුවේ swap පහසුකම ඇතුළු ව එය ඇමරිකානු ඩොලර් බිලියන1.4කට සමාන බව යි වාර්තා වන්නේ.
මහබැංකුව මේ බව නිවේදනය කරනවා.
මේ අතර, මහබැංකුව ප්‍රතිපත්ති පොලී අනුපාත නොවෙනස්ව පවත්වාගෙන යාමට තීරණය කර තිබෙනවා.
ඒ අනුව ඊයේ රැස්වූ මුදල් මණ්ඩලය තීරණය කර ඇත්තේ, නිත්‍ය තැන්පතු සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතික පිළිවෙලින් සියයට 14යි දශම 5ක සහ සියයට 15යි දශම 5ත් අගයක තවදුරටත් පවත්වාගෙන යාමට යි.