නවසීලන්ත නව අගමැති ලෙස කම්කරු නායක ක්‍රිස් හිප්කින්ස් පත් වෙයි

ක්‍රිස් හිප්කින්ස්

නවසීලන්තයේ නව අගමැති ලෙස කම්කරු නායක ක්‍රිස් හිප්කින්ස් පත් වී තිබෙනවා.

ඒ නවසීලන්ත හිටපු අගමැති ජසින්ඩා ආර්ඩන්ගේ ඉල්ලා අස් වීමෙන් පසු ව යි.

පසුගිය සතියේ ජසින්ඩා ආර්ඩන් අගමැති ධුරයෙන් ඉවත් වුණු අතර, සිය පවුලේ පිරිස සමඟ කාලය ගත කිරීමේ අවශ්‍යතාව මත දැඩි වගකීම් සහගත ධුරයෙන් ඉල්ලා අස් වුණු බව යි ඇය සඳහන් කළේ.

එහි ඇති විශේෂත්වය වන්නේ, තවත් වතාවක් අගමැති තනතුර දැරීමට හැකියාව තිබිය දීත් ඇය ධුරයෙන් ඉවත් වීම යි.

ක්‍රිස් හිප්කින්ස් වෙලින්ටන්හි වික්ටෝරියා විශ්වවිද්‍යාලයෙන් දේශපාලනය සහ අපරාධ විද්‍යාව පිළිබඳ ප්‍රධාන උපාධියක් සමඟ ශාස්ත්‍රවේදී උපාධියක් ලබාග්තෙන තිබෙනවා.

උපාධිය ලැබීමෙන් පසු හිප්කින්ස්, කර්මාන්ත පුහුණු සම්මේලනයේ ප්‍රතිපත්ති උපදේශකයෙකු ලෙස වැඩ කිරීම සහ තාරනාකි හි ටොඩ් බලශක්ති සඳහා පුහුණු කළමණාකරුවෙකු ලෙස කටයුතු කිරීම ඇතුළු රැකියා ගණනාවක් කර තිබෙන බව සඳහන්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *