නවසීලන්තයට එරෙහි ව තරග තුනට බින්දුවක පූර්ණ තරගාවලි ජයක් ඉන්දියාවට

ඉන්දියාව

සංචාරක නවසීලන්ත කණ්ඩායමට එරෙහි තරඟ තුනකින් සමන්විත එක්දින තරඟාවලිය තුනට බින්දුවක් ලෙස පූර්ණ තරඟාවලි ජයක් ලැබීමට ඉන්දියාව සමත් වුණා.

ඒ, ඉන්දෝර්හි ඊයේ (24) පැවති තුන්වන සහ අවසන් තරඟය ලකුණු 90කින් ජය ගනිමින්.

තරගයේ කාසියේ වාසිය දිනූ නවසීලන්තය ඉන්දියාවට පළමුව පන්දුවට පහරදීමට ආරාධනා කළ අතර ඔවුන් නියමිත පන්දුවාර 50 අවසානයේදී කඩුළු 9ක් දැවී ලකුණු 385ක් රැස් කළා.

එහිදී නායක රෝහිත් ෂර්මා ලකුණු 101ක් සහ ෂුබ්මන් ගිල් ලකුණු 112ක් ලබා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ නවසිලන්ත කණ්ඩායමට පන්දුවාර 41යි පන්දු 2ක් තුළ සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 295ක් පමණ යි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *