කැලිෆෝනියාවේ සිදු වූ වෙඩිතැබීමකින් 7 දෙනෙකු මරුට

වෙඩි තැබීමක්

උතුරු කැලිෆෝනියාවේ හාෆ් මූන් බේ ප්‍රදේශයේ හි බිම්මල් ගොවිපලවල් දෙකකට සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයන් 7 දෙනෙකු මිය ගොස් එක් අයෙකු බරපතල තුවාල ලබා තිබෙනවා.

මෙම සිදුවීම ඊයේ (23) පස්වරු 2:20ට පමණ සිදු වූ ඉවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.

රයිස් ට්‍රක්කින් පාංශු ගොවිපලට ආසන්නව කොන්කෝඩ් ෆාම්ස් අසල සැන් මැටියෝ මාවතේ සිදුවූ පළමු වෙඩි තැබීමෙන් හතර දෙනෙකු වෙඩි වැදී මිය ගොස් තිබුණා.

එම ස්ථානයේ සිදු වූ වෙඩි තැබීමෙන් තුවාල ලැබූ පස්වන පුද්ගලයා බරපතල තුවාල ලබා ස්ටැන්ෆර්ඩ් වෛද්‍ය මධ්‍යස්ථානය වෙත ඇතුළත් කළ බවයි එරට මාධ්‍ය පවසන්නේ.

තවද දෙවන වෙඩි තැබීම, Cabrillo Highway South ප්‍රදේශයේ දී සිදුවූ අතර ඉන් තිදෙනෙකු මිය මිය ගොස් තිබෙනවා.

ටමම සිද්ධීන් සම්බන්ධයෙන් සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් පවසන්නේ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *