ශ්‍රී ලංකාවේ කෘති 4ක් ඉන්දියාවේ දී දෙමළ බසින් එළි දැක්වෙයි

ඉන්දියාවේ චෙන්නායි හි පැවැත්වෙන ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට සමගාමී ව ශ්‍රී ලාංකික ගත් කතුවරයන් විසින් රචිත ග්‍රන්ථ 4ක දෙමළ පරිවර්තන එළිදක්වා තිබෙනවා.
එම ග්‍රන්ථ වන්නේ සීතා කුලතුංගගේ “Third Wife” (නවකතා), සුජිත් ප්‍රසංග විසින් රචිත “සාමිමලේ” (නවකතා), සුසන්ත මූණමල්පේ රචිත “පහන් පහක කතාව” (කෙටිකතා), වෛද්‍ය බෝධිනී සමරතුංග රචිත “සායනික සටහන් නොවේ” (පුවත්පත් තීරු ලිපි එකතුවක්) යන ග්‍රන්ථ යි.
මෙම පරිවර්තන සිදු කර තිබෙන්නේ, සම්මානනීය පරිවර්තකයෙක් වන එම්. රිෂාන් ෂරීෆ් විසින්.
ඔහු මේ වන විට ග්‍රන්ථ 32ක් පමණ රචනා කර ඇති අතර අවස්ථා කිහිපයක දී ම සිය නිර්මාණ වෙනුවෙන් රාජ්‍ය සම්මාන ද හිමි කරගත්තා.