මැතිවරණ වියදම් නියාමන කෙටුම්පත අද මැතිසබයට

විපක්ෂයේ විරෝධය නො තකා මැතිවරණ වියදම් නියාමන පනත් කෙටුම්පත අද (19) පාර්ලිමේන්තුවේ දී විවාද කර සම්මත කර ගැනීමට නියමිත යි.
ඊයේ පස්වරුවේ පාර්ලිමේන්තුවේ පැවති පක්ෂ නායක රැස්වීමේ දී මෙම තීන්දුව ගෙන ඇති අතර, ඒ අනුව මෙම පනත් කෙටුම්පත විවාද කර පස්වරු 5ට ඊට අදාළ ජන්ද විමසීම පැවැත්වීමට යි තීරණය කරනු ලැබුවේ.
මෙම කෙටුම්පත දෙවැනි වර කියවීමේ විවාදය මාසයකින් කල් දැමීමට අධිකරණ බන්ධනාගාර කටයුතු සහ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ පිළිබඳ අමාත්‍යාංශිය උපදේශක කාරක සභාවේ දී පෙරේදා තීරණය වූ අතර, එම තීරණය ඊයේ මෙලෙස වෙනස් කරනු ලැබුවා.
මෙම තීන්දුව ගැනීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් පැවති පක්ෂ නායක රැස්වීමේ දී සාකච්ජා කළ අතර මැතිවරණ වියදම් නියාමන කෙටුම්පත අද විවාද කර සම්මත කර ගත යුතු බව ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබුණා.
කෙසේ වෙතත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඊට සිය විරෝධය පළ කර තිබෙනවා.
මෙම සාකච්ඡාවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අනුර කුමාර දිසානායක, ඩලස් අලහප්පෙරුම, දෙමළ ජාතික සන්ධානයේ නියෝජිතයෙකු එක්ව සිටියේ නැහැ.
මේ අතර, පුනරුත්ථාපන කාර්යාංශය පනත් කෙටුම්පත දෙවන වර කියවීම ඊයේ වැඩි ඡන්ද 17කින් පාර්ලිමේන්තුවේදී සම්මත වුණා.
ඊට පක්ෂව ඡන්ද 23ක් සහ විපක්ෂව ඡන්ද 6ක් හිමිවූ අතර, එයට කාරක සභා අවස්ථාවේ දී සංශෝධන ඉදිරිපත් කෙරුණා.
ඉන් අනතුරුව පැවති සභාව කල් තැබීමේ විවාදයේ දී භෝග වගාවට සිදු ව ඇති කෘමි උවදුර සහ ව්‍යාජ කෘමිනාශක සම්බන්ධයෙන් අදහස් පළ වුණා.