පවිත්‍රා වන්නිආරච්චිට සහ ජීවන් තොණ්ඩමන්ට කැබිනට් අමාත්‍ය ධුර

pavithra

නව කැබිනට් අමාත්‍යවරුන් දෙදෙනෙකු අද ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරියේ දිවුරුම් දෙනු ලැබුවා.

ඒ ජනාධිපති කාර්යාලයේ දී යි.

ඒ අනුව, පාර්ලිමේන්තු මන්ත්‍රීනි පවිත්‍රා වන්නිආරච්චි, වනජිවි හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය ධුරයේත්, ලංකා කම්කරු කොංග්‍රසයේ මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී ජීවන් තොණ්ඩමන් ජල සම්පාදන සහ වතු, යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ධුරයේත් දිවුරුම් දෙනු ලැබුවා.

මීට පෙර, කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර වනජිවි සහ වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය ධුරය දැරූ අතර ඔහු අද පෙරවරුවේ එම ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.

ජල සම්පාදන අමාත්‍ය ධුරය දරනු ලැබුවේ සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලයි.

මෙම දිවුරුම්දීමත් සමග වත්මන් රජයේ කැබිනට් අමාත්‍යවරුන්ගේ සංඛ්‍යාව 20 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ආණ්ඩුවේ රාජ්‍ය අමාත්‍ය ධුර සංඛ්‍යාව 37ක්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *