ආචාර්‍ය සුමිත්‍රා පීරිස් අභාවප්‍රාප්ත වෙයි

සුමිත්‍රා පීරිස්

මෙරට සිනමාවේ සම්මානනීය චිත්‍රපට අධ්‍යක්ෂිකාවක් වන සුමිත්‍රා පීරිස් මහත්මිය මීට සුළු වේලාවකට ප්‍රථම කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත වුණා.

හෙළ සිනමාවේ අද්විතීය සිනමාකරු ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ බිරිඳ වන සුමිත්‍රා පීරිස් මිය යන විට 88 වැනි වියේ පසු වුණා.

ඇය මෙරට ප්‍රථම වෘත්තාන්ත සිනමාවේ සංස්කරණ ශිල්පිනිය වන අතර සිව්වැනි සිනමා අධ්‍යක්ෂිකාව වෙනවා.

ගැහැණු ළමයි, ගඟ අද්දර, යහළු යෙහෙළි, මායා, සාගර ජලය මදි හැඬුවා නුඹ හින්දා, ලොකු දුව, දුවට මවක මිස, සක්මන් මළුව, වෛශ්නාවී යන චිත්‍රපට ඇය විසින් අධ්‍යක්ෂණය කර තිබෙනවා.

හොඳ ම සංස්කරණ ශිල්පිනිය ලෙස සහ හොඳ චිත්‍රපට අධ්‍යක්ෂණයට සරසවිය සම්මාන, ජනාධිපති සම්මාන, ඕසීඅයිසී සම්මාන ඇතුළු සම්මාන රාශියකින් ද ඇය පිදුම් ලබා තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *