පුංචි ඡන්දයේ නාමයෝජනා කැඳවීම අද සිට

ඡන්ද

පළාත් පාලන ඡන්ද විමසීමට අදාළ නාම යෝජනා කැඳවීම අද (18) පෙරවරුවේ ආරම්භ වීමට නියමිත යි.

එය 21 වනදා දහවල් 12 දක්වා ක්‍රියාත්මක වනවා.

නාම යෝජනා කැඳවීම අද පෙරවරුවේ ආරම්භ කළ ද ඇප මුදල් තැන්පත් කිරීම සඳහා එළඹෙන 20 වනදා මධ්‍යහ්න 12 තෙක් දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම්වලට කාලය පවතිනවා.

ඡන්ද විමසීම පැවැත්වෙන දිනය නාමයෝජනා කැඳවීමේ අවසන් දිනයේ දී ප්‍රකාශයට පත් කෙරන බවයි මැතිවරණ කොමිසම මීට පෙර සඳහන් කළේ.

මේ අතර මහජන උපයෝගිතා කොමිෂන් සභාව, විදුලිබල මණ්ඩලය ඇතුලු ආයතන ගණනාවක ප්‍රධානීන් අද පෙරවරුවේ මැතිවරණ කොමිෂන් සභාවට කැඳවා තිබෙනවා.

ඡන්ද විමසීම් කටයුතු පවත්වාගෙන යෑම සඳහා අවශ්‍ය සහයෝගය ලබා ගැනීමට මෙම ආයතන මෙසේ කැඳවා ඇති බවයි මැතිවරණ කොමිසමේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ.

මැතිවරණ කොමිෂන් සභාව හමුවට කැඳවා ඇති අනෙකුත් ආයතන වන්නේ ජල සම්පාදන මණ්ඩලය, ශ්‍රී ලංකා ටෙලිකොම්, ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය සහ ඛනිජ තෙල් නීතිගත සංස්ථාව යි.

විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ ලේකම්වරයා ද කොමිසම හමුවට අද කැඳවා ඇති අතර ඉදිරි පළාත් පාලන ඡන්ද විමසීම සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් හෙට පෙරවරුවේ පැවැත්වීමට ද නියමිත යි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *