ත්‍රිරෝද රථ නියාමනය වචනයට සීමා වෙලා – සංගම් වලින් චෝදනාවක්

ත්‍රී රෝද රථ නියාමනය වචනයට පමණක් සීමා වී ඇති බව සමස්ථ ලංකා ත්‍රී රෝද රථ රියදුරන්ගේ වෘත්තීය සමිතිය පවසනවා. එහි සභාපති ලලිත් ධර්මසේකර පැවසුවේ ඒ හේතුවෙන් දේශීය මගීන් මෙන්ම විදේශීය සංචාරකයින් ද පීඩාවට පත්වන බවයි.
මෙරටට පැමිණෙන විදේශිකයින්ගෙන් ඇතැම් කුලී ත්‍රී රෝද රථ රියදුරන් අසාධාරණ ලෙස මුදල් අයකරන බවට චෝදනා එල්ල වනවා.
ඒ සම්බන්ධයෙන් කළ කරුණු විමසීමකදී සමස්ථ ලංකා ත්‍රී රෝද රථ රියදුරන්ගේ වෘත්තීය සමිතියේ සභාපතිවරයා මේ බව කියා සිටියා.