ආරක්ෂාවට සිටි හමුදා සෙබලුන් 40 දෙනෙකු ඉවත් කිරීමට බ්‍රසීල ජනපති තීරණය කරයි

බ්‍රසීලයේ ජනාධිපති මන්දිරයේ ආරක්ෂාවට සිටි හමුදා සෙබලුන් 40 දෙනෙකු ඉවත් කිරීමට එරට ජනාධිපති ලූලා ද සිල්වා පියවර ගෙන තිබෙනවා.
පසුගිය ජනවාරී 8 වන දා හිටපු ජනාධිපතිගේ ආධාරකරුවන් එරට ජනාධිපති මන්දිරයට කඩා වැදුණු අවස්ථාවේ දී ආරක්ෂක අංශ ක්‍රියාකර ආකාරය කෙරෙහි සිය අවිශ්වාසය පළ වීම මීට හේතු වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
හිටපු ජනාධිපති ජයිල් බොල්සෙනාරෝ ජනාධිපතිවරණය පරාජය වීමත් සමඟ ඔහුගේ ආධාරකරුවන් විසින් ජනාධිපති මන්දිරය ශ්‍රේෂ්ඨාධිකරණ සංකීර්ණය සහ කොංග්‍රස් ගොඩනැගිල්ලට කඩාවැඳී නොසන්සුන්කාරි ලෙස හැසිරුණා.
පසු ව මෙම විරෝධතාවලට සම්බන්ධ ආධාරකරුවන් 1,500ක් අත්අඩංගුවට ගැනීමටයි එරට ආරක්ෂක අංශ පියවර ගනු ලැබුවේ.