විධායක නො වන රජයේ සේවකයන්ගේ මාසික වැටුප් නියමිත දිනට ගෙවීමට කැබිනට් අනුමැතිය

වැටුප්

විධායක නො වන රජයේ සේවකයන්ගේ මාසික වැටුප් නියමිත දිනට ගෙවීමට සහ විධායක නිලධාරීන්ගේ වැටුප් දින කිහිපයකට පසු ව ගෙවීමට කැබිනට් අනුමැතිය හිමි වී තිබෙනවා.

අද (17) පැවැත්වුණු කැබිනට් සාකච්ඡාවේ දී මෙම අනුමැතිය හිමි වූ බව යි සඳහන් වන්නේ.

මේ අතර, අනුමත රජයේ වියදම් ඇස්තමේන්තුවල පුනරාවර්තන වියදමින් 6%ක් අවුරා තැබීමටත්, ඉන් 1%කට සමාන ප්‍රමාණයක් අත්‍යවශ්‍ය ඖෂධ සඳහා අතිරේක ප්‍රතිපාදන ලෙස, සෞඛ්‍ය අමාත්‍යාංශයට ලබාදීමටත් අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වූ බව යි වාර්තා වන්නේ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *