මහා භාණ්ඩාගාරයේ ආදායමට වඩා වියදම වැඩි බව ඇමති බන්දුල කියයි

පසුගිය දෙසැම්බර් මාසයේ මහා භාණ්ඩාගාරයට ආදායම් ලෙස රුපියල් බිලියන 147 ක් ලැබුණත් වියදම් සඳහා රුපියල් බිලියන 154 ක් වැය වී ඇති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන ප්‍රකාශ කළා.
ඒ අනුව ඉතිහාසයේ ප්‍රථම වරට රජයේ විධායක නිලධාරින්ගේ මාසික වැටුප් නියමිත දිනට ගෙවීමට නොහැකි වී ඇති බවයි අද රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් ඔහු කියා සිටියේ.