වර්ජන

වැටුප් වැඩි කරන ලෙස ඉල්ලා එංගලන්තයේ හෙදියන් හෙට (18) සහ අනිද්දා වර්ජනයකට සැරසෙනවා.

එමෙන්ම ගුරුවරු පෙබරවාරි මස 01 වනදා වර්ජනයකට සූදානම් බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ.

ගුරුවරුන් මෙලෙස වර්ජනයකට සූදානම් වන්නේ, බොහෝ කාලයකට පසුව වීම විශේෂත්වයක්.

මෙම වර්ජන ක්‍රියාමාර්ග එංගලන්තයේ ජන ජීවිතයට දැඩි බලපෑමක් එල්ල කරනු ඇති බව ද විචාරකයන් පවසනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *