සීතාවක ඔඩිසි

සීතාවක – අවිස්සාවේල්ල සංචාරක ගමනාන්තයක් ලෙස ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් අද උදෑසන සීතාවක ඔඩිසි දුම්රිය අද සිය මංගල ගමන ආරම්භ කරනු ලැබුවා.

එම දුම්රිය ප්‍රවාහන ජනමාධ්‍ය හා මහාමාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධනගේ ප්‍රධානත්වයෙන් අද උදෑසන 7.30 ට කොළඹ කොටුවෙන් ගමන් ආරම්භ කළ අතර, එය, වග දුම්රිය ස්ථානය දක්වා ධාවනය වනු ඇති.

සීතාවක – අවිස්සාවේල්ල සංචාරක කලාපයේ පවතින සංචාරක ස්ථානයන් කේන්ද්‍ර කරගනිමින් මෙම දුම්රිය ධාවනය වන අතර, දෙස් විදෙස් සංචාරකයන් ආකර්ශනය කරගැනීමේ මූලික පියවරක් බව සඳහන්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *