ශ්‍රී පාද පතුළට ඉහළින් රන්, මුතු මැණික් සහ රිදීවලින් නිම කරන ලද රන් වියනක් සවිකර තිබෙනවා.

ඉතිහාසයේ පළමු වතාවට සවි කෙරුණු මෙම රන් වියන ශ්‍රී පාදස්ථානාධිපති පූජ්‍ය බෙංගමුවේ ශ්‍රී ධම්මදින්න හිමියන්ගේ අනුශාසනාව පරිදියි ඊයේ සවිකර ඇත්තේ.

රන් වියන ශ්‍රී පාද උඩමළුව වෙත පෙරහැරකින් වැඩමවූ බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

මෙම රන් වියන ශ්‍රී පාද වාරය අවසන්වීමෙන් පසු සධාතුක කරඬුව, සමන්දේව ප්‍රතිමාව සහ දේවාභරණ සමඟ පැල්මඩුල්ල ගල්පොත්තාවෙල රජමහා විහාරස්ථානය දක්වා වැඩමවීමට නියමිතයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *