ෂී ජින්පින්ගෙන් ජනපති රනිල්ට ලිපියක්

දිවයිනට පැමිණි චීන ජාත්‍යන්තර දෙපාර්තමේන්තුවේ උප අමාත්‍ය චෙන් ෂෝ ඇතුළු පිරිස ඊයේ (14) පස්වරුවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමු වී සාකච්ඡාවක නිරත වී තිබෙනවා.
ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් චීනයේ සහාය අපේකෂාවෙන් සිටින බවයි ජනාධිපතිවරයා එහි දී සඳහන් කර ඇත්තේ.
එසේ ම, මෙරට චීන තානාපති කාර්යාලය සඳහන් කළේ එම නියෝජිත පිරිස චීන ජනාධිපති ෂී ජින්පින්ගේ ලිපියක්ද ජනාධිපතිවරයාට බාරදුන් බවයි.
චීන කොමියුනිස්ට් පක්ෂ සභාපතිවරයාගේ, ශ්‍රී ලංකා චාරිකාව සඳහා අවශ්‍ය කටයුතු සොයා බැලීම සඳහායි එරට ජාත්‍යන්තර දෙපාර්තමේන්තුවේ උප අමාත්‍ය චෙන් ෂෝ ඇතුළු 06 දෙනෙකුගෙන් යුතු දූත පිරිස ඊයේ දිවයිනට පැමිණියේ.
එම දූත පිරිස ලබන 18 වනදා දක්වා මෙරට රැඳී සිටීමට නියමිතයි