ඕමාන සුරක්ෂා නිවසේ සිටි තවත් ගෘහසේවිකාවන් 15දෙනෙකු දිවයිනට

ඕමානයේ මස්කට් නුවර සුරක්ෂා නිවසෙහි රඳවා සිටි තවත් ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවන් 15 දෙනෙකු අද (15) අලුයම දිවයිනට එවා තිබුණා.
මෙලෙස පැමිණීමට නියමිතව සිටි පිරිස 17ක් වන අතර ලියකියවිලි ගැටළු හේතුවෙන් ඉන් දෙදෙනෙකු මස්කට් ගුවන් තොටුපල බලධාරීන් විසින් ප්‍රතික්ෂේප කර තිබුණා.
පසුගිය සතියේත් සුරක්ෂා නිවාසයේ රඳවා සිටි කාන්තාවන් හත්දෙනෙකු මෙරටට එවා තිබුණා.
එහිදී ද තවත් සිව්දෙනෙකුට පැමිණීමට නොහැකිවූයේ ලියකියවිලි අඩුපාඩු හේතුවෙන්.
ඕමානයේ සුරක්ෂා නිවසේ ගෘහ සේවිකාවන් 118 දෙනෙකු රඳවා සිටි අතර, ඉන් එක් කාන්තාවක් රෝගී තත්වයක් හේතුවෙන් පසුගියදා ජීවිතක්ෂයට පත්ව තිබුණා.