විදුලි බිල ඉහළ දැමීම ගැන අවසන් තීරණය අද

විදුලි බිල ඉහළ දැමීම සම්බන්ධයෙන් වන අවසන් තීරණය අද (09) දින රැස්වෙන අමාත්‍ය මණ්ඩල හමුවේ දී ගැනීමට නියමිතයි.
ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පසුගිය සතියේ රැස්වූ අමාත්‍ය මණ්ඩලය හමුවට විදුලි බිල යළි ඉහළ දැමීමේ යෝජනාව ඉදිරිපත් කරනු ලැබුවා.
අදාළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය හමුවට ඉදිරිපත් කරනු ලැබුවේ මහජන උපයෝගිතා කොමිසම ඇතුළු පාර්ශව රැසක් ඊට විරෝධය පල කරන අවස්ථාවකයි.
කෙසේ වෙතත් පසුගිය සතියේ දී අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කළ මෙම යෝජනාව තවදුරටත් අධ්‍යයනය කර තීන්දු තීරණ ගැනීමට අද (09) දක්වා කල් තැබුණා.