බ්‍රසීල හිටපු ජනපතිගේ ආධාරකරුවන් ජනපති මැදුරට කඩාවදී

බ්‍රසීලයේ අන්ත දක්ෂිණාංශික හිටපු ජනාධිපති ජායිර් බොල්සොනාරෝගේ ආධාරකරුවන් සියගණනක් පොලිස් බාධක බිඳ ප්‍රචණ්ඩකාරීව හැසිරී තිබෙනවා.
විදෙස් මාධ්‍ය සඳහන් කළේ, එම ආධාරකරුවන් කොංග්‍රසයට, ජනපති මන්දිරයට හා ශ්‍රේෂ්ඨාධිකරණයට කඩා වැදුණු බවයි.
එය “ෆැසිස්ට්” ප්‍රහාරයක් ලෙස එරට ජනාධිපති ලුයිස් ඉනීෂියෝ ලූලා ඩි සිල්වා හෙළා දැක ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.