විදුලි ගාස්තු වැඩිකිරීමේ යෝජනාව අද කැබිනට්ටුවට

නව විදුලි ගාස්තු සංශෝධනය අද (02) අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
අඛණ්ඩ විදුලිය සැපයුමක් සහතික කිරීම සහ විදුලිය සඳහා වැය වන පිරිවැය සැලකිල්ලට ගනිමින් පවතින විදුලි ගාස්තු සංශෝධන කළ යුතු බවටයි විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පසුගියදා ප්‍රකාශ කළේ.
ඒ අනුව පසුගිය අගෝස්තු මාසයේ සියයට 75කින් ඉහළ දැමූ විදුලි ගාස්තුව මෙම වසරේ ජනවාරි සිට යලිත් ඉහළ දමන බවට ඔහු සඳහන් කර තිබුණා.
නව සංශෝධන යටතේ ඒකක බිංදුවේ සිට 60 දක්වා කාණ්ඩයේ ඒකකයක් සඳහා වන ගාස්තුව මෙන්ම ස්ථාවර ගාස්තුව ද සංශෝධනය කර ඇති බව වාර්තා වනවා.
ඒ අනුව ඒකක බින්දුවේ සිට 30 දක්වා රුපියල් අටක්ව පැවති ඒකකයක ගාස්තුව රුපියල් 30 දක්වාත් රුපියල් 120ක්ව පවතින ස්ථාවර ගාස්තුව රුපියල් 400ය දක්වාත් ඉහළ දැමීමට යෝජිතයි.
ඒකක 31 සිට 60 දක්වා රුපියල් 10ක්ව පවතින ඒකකයක ගාස්තුව රුපියල් 37 දක්වාත් රුපියල් 240ක් ලෙස පවතින ස්ථාවර ගාස්තුව රුපියල් 550 දක්වාත් ඉහළ දැමීමට නව සංශෝධනයෙන් යෝජනා කර ඇති බවයි වාර්තා වන්නේ.
ඒකක 60න් ඉහළ කාණ්ඩය යටතේ වන ඒකකයක ගාස්තුව සහ ස්ථාවර ගාස්තුව ද නව සංශෝධනයෙන් ඉහළ දැමෙනවා.
ඒකක එකේ සිට 60 දක්වා පවතින රුපියල් 16ක් වූ ඒකකයක ගාස්තුව රුපියල් 42ක දක්වාත්, ස්ථාවර ගාස්තුව රුපියල් 650 දක්වාත් ඉහළ දැමීමට යෝජිතයි.
ඒකක 61 සිට 90ව දක්වා රුපියල් 16ක්ව පවතින ඒකකයක ගාස්තුව රුපියල් 42 දක්වා ද, රුපියල් 360ක්ව පවතින ස්ථාවර ගාස්තුව රුපියල් 650 දක්වා ද ඉහළ දැමීමට නව සංශෝධනයෙන් යෝජනා කර ඇති බව සඳහන්.
ඒකක 91 සිට 120 දක්වා රුපියල් 50ක්ව පවතින ඒකකයක ගාස්තුව සංශෝධනය නොකෙරෙන අතර රුපියල් 960ක්ව පවතින ස්ථාවර ගාස්තුව රුපියල් 1,500 දක්වා ඉහළ දැමීමට යෝජිතයි.
ඒකක 121 සිට 180 දක්වා රුපියල් 75ක් ව පවතින ඒකකයක ගාස්තුව සංශෝධනය කර නොමැති අතර රුපියල් 960ක්ව පවතින ස්ථාවර ගාස්තුව පමණක් රුපියල් 1,500ක් ලෙස සංශෝධනයට නියමිත බව සඳහන්.
ඒකක 181ක ඉක්මවා භාවිතා කරන පාරිභෝගිකයන්ට රුපියල් 75ක්ව පවතින ඒකකයක ගාස්තුවෙහි වෙනසක් නොවන අතර 1,500ක්ව පවතින ස්ථාවර ගාස්තුව රුපියල් 2,000ක් දක්වා ඉහළ දැමීමට නව සංශෝධනයෙන් යෝජනා කර තිබෙනවා.
ආගමික ස්ථාන හා පුණ්‍යායතන සඳහා ඒකක බින්දුවේ සිට 30 දක්වා රුපියල් 8ක්ව පවතින ඒකකයක ගාස්තුව රුපියල් 30 දක්වාත්, රුපියල් 90ක්ව පවතින ස්ථාවර ගාස්තුව රුපියල් 400 දක්වාත් ඉහළ දැමීමට යෝජිතයි.
ඒකක 31 සිට 90ව දක්වා ඒකකයක් සඳහා අයකළ රුපියල් 15ක් ගාස්තුව රුපියල් 37 දක්වා ද, රුපියල් 120ක් ව පැවති ස්ථාවර ගාස්තුව රුපියල් 550 දක්වා ද ඉහළ දැමීමට නියමිත බව සඳහන්.
ඒකක 91 සිට 120 දක්වා රුපියල් 20ක් ව පවතින ඒකකයක ගාස්තුව රුපියල් 42ක දක්වාත්, රුපියල් 120ක් ව පවතින ස්ථාවර ගාස්තුව රුපියල් 650 දක්වාත් ඉහළ දැමීමට යෝජනා කර තිබෙනවා.
ඒකක 180න් ඉහළ පරිභෝජනය කරන ආගමික ස්ථාන සහ පුණ්‍යායතන වලට රුපියල් 32 ක් ව පවතින ඒකකයක ගාස්තුව රුපියල් 50 දක්වා ඉහළ දැමීමට යෝජනා කර ඇති අතර 1,500ක් ව පවතින ස්ථාවර ගාස්තුව රුපියල් 2,000ක් දක්වා ඉහළ දැමීමට යෝජිතයි.
වීදි අලෝක පහන් සඳහා ඒකකයකට රුපියල් 22ක් ලෙස අය කළ ගාස්තුව රුපියල් 45ක් දක්වා ඉහළ දැමීමට නව සංශෝධනයෙන් යෝජනා කර තිබෙනවා.
කෙසේ වෙතත් විදුලි ගාස්තු ඉහල දැමීමට කැබිනට් මණ්ඩලයෙන් එන කිසිදු යෝජනාවක් මහජන උපයෝගිතා කොමිසම සැළකිල්ලට නොගන්නා බව එහි සභාපති ජනක රත්නායක කොළඹ දී ඊයේ විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් කියා සිටියා.
විදුලිබල පනතේ සඳහන් ආකාරයට කටයුතු නොකර අමාත්‍ය මණ්ඩලය විසින් අනීතිකව විදුලි ගාස්තු ඉහළ දැමීමේ යෝජනාව සම්මත කරගතහොත් ඊට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බවයි මහජන උපයෝගිතා කොමිසමේ සභාපතිවරයා ප්‍රකාශ කළේ.
මේ අතර බිත්තර ආනයනය කරන්නේ ද නැද්ද යන්න සම්බන්ධයෙන් අද පැවැත්වෙන අමාත්‍ය මණ්ඩලයේ දී අවධානය යොමු කිරීමට බලාපොරොත්තු වන බව වෙළඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු ප්‍රකාශ කළා.
බිත්තර මිල පාලනය කිරීම සඳහා ගතහැකි ක්‍රියාමාර්ග පිළිබඳව කැබිනට් මණ්ඩලය සමඟ සාකච්ජා කර අවසන් එකඟතාවකට පැමිණීමට බලාපොරොත්තු වන බවයි ඔහු කියා සිටියේ.
අද වනවිට වෙළඳපොළේ බිත්තරයක් රුපියල් 63 දක්වා ඉහළ ගොස් තිබෙනවා