වැසි නොමැති

දිවයිනේ ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

එම නිවේදනයට අනුව හිමිදිරි උදෑසන කාලයේ දී සීතල කාලගුණ තත්ත්වයක් අපේක්ෂා කළ හැකි බවත් එහි සඳහන්.

දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බැවින් සුළං ඊසාන දෙසින් හමා එනු ඇති.

සුළගේ වේගය පැ.කි.මී. (20-30) පමණ අගයක් ගත හැකියි.

මන්නාරම සිට පුත්තලම හරහා කොළඹ දක්වාත් මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වාත් වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. (45-50) පමණ වැඩිවිය හැකි බව ද නිවේදනයේ සඳහන්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *