පුංචි ඡන්දයට පොදුජන පෙරමුණ පොහොට්ටුවෙන්ම එයි

පොහොට්ටුව

ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බහුතර පළාත් පාලන ආයතනවලට පොහොට්ටුව ලකුණින් තරඟ වඳින බව එහි මහලේකම් සාගර කාරියවසම් පවසනවා.

කෙසේ වෙතත් ඇතැම් පළාත් පාලන ආයතවලට තම පක්ෂයේ අපේක්ෂකයින් වෙනත් පක්ෂවල ලකුණුවලින් තරඟකරන අවස්ථාද ඇති විය හැකි බවයි කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ.

මේ අතර මාර්තු 20 වනදාට පෙර පළාත් පාලන ඡන්දය පැවැත්වීම අනිවාර්ය බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී.එල් පීරිස් ප්‍රකාශ කළා.

නිදහස ජනතා සභාව කොළඹ අද කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ පළාත් පාලන මැතිවරණය කල් දැමීමට නම් ජනමත විචාරණයක් පැවැත්විය යුතු බවට ශ්‍රේෂ්ඨාධිකරණය නඩු තීන්දුවකින් ප්‍රකාශ කර ඇති බවයි.

පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් අද පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදියෙකු පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුරගෙන්ද විමසීමක් කළ අතර ඔහු කියා සිටියේ මැතිවරණය කල් දැමීමට ආණ්ඩුව මැතිවරණ කොමිසමට බලපෑම් සිදුකර නොමැති බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *