තැපැල්පති රංජිත් ආරියරත්න හෙට සිට වයඹ ප්‍රධාන ලේකම් ධුරයට

වසර හතර හමාරකට අධික කාලයක් ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුවේ තැපැල්පතිවරයා ලෙස කටයුතු කළ ජ්‍යේෂ්ට පරිපාලන නිලධාරියකු වන රංජිත් ආරියරත්න හෙට (03) සිට වයඹ පළාත් සභාවේ ප්‍රධාන ලේකම් ධුරයට පත්කර තිබෙනවා.
අප කළ විමසීමක දී හිටපු තැපැල්පතිවරයා පවසා සිටියේ, ඔහු හෙට උදෑසන සිය නව ධුරයේ වැඩ භාරගන්නා බව යි.
කෙසේ වෙතත් රංජිත් ආරියරත්න නව තනතුරට පත්කිරීමෙන් පසු පුරප්පාඩු තැපැල්පති ධූරයට මෙතෙක් අනුප්‍රාප්තිකයෙක් පත් කර නැහැ.