අද උදෑසන දුම්රිය ගමන් වාර 10 ක් අවලංගුයි

දුම්රිය

සේවක හිඟය හේතුවෙන් අද (02) උදෑසන ධාවනය වීමට නියමිතව තිබූ කාර්යාල දුම්රිය 10 ක් අවලංගු කර තිබෙනවා.

ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමයේ සභාපති සුමේධ සෝමරත්න කියා සිටියේ කැළණිවැලි මාර්ගය, මුහුදුබඩ, පුත්තලම් සහ ප්‍රධාන මාර්ගවල මෙලෙස දුම්රිය අවලංගු වී ඇති බවයි.

සේවක හිඟය හේතුවෙන් අද දිනයේ දුම්රිය ගමන් වාර 60කට වැඩි සංඛ්‍යාවක් අවලංගු විය හැකි බව ස්ථානාධිපතිවරුන්ගේ සංගමය ඊයේ ප්‍රකාශ කර තිබුණා.

දුම්රිය දෙපාර්තමේන්තුවේ 500කට අධික සේවක පිරිසක් විශ්‍රාම ගැන්වීමත් සමඟ ඇතිවූ පුරප්පාඩු හේතුවෙන් ඊයේ දිනයේ ගමන් වාර 30 ක් අවලංගු කිරීමට සිදුවුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *