වියට්නාම වෙරළේ අතරමං වූ ශ්‍රී ලාංකිකයින් 152 දෙනෙකු දිවයිනට

වියට්නාම වෙරළේ තීරයේ අතරමංවු ශ්‍රි ලාංකිකයින් 152 දෙනෙකු ඊයේ (27) රාත්‍රියේ දිවයිනට පැමිණ තිබෙනවා.
ශ්‍රී ලාංකිකයින් 300ක් පමණ රැගත් යාත්‍රාව වියට්නාම – සිංගප්පූරු මුහුදු සීමාවේ දී අනතුරට ලක්වුයේ පසුගිය නොවැම්බර් මස 07 වනදායි.
අනතුරු ව ඒ පිලිබද ශ්‍රී ලංකා නාවික හමුදාව සිදුකළ දැනුම් දීමෙන් පසු වියට්නාමය සහ මැලේසියානු නාවික හමුදා විසින් ඔවුන් බේරාගැනීමටයි කටයුතු කළේ.
අනතුරුව වියට්නාමයේ වන්ග් ටාටු වරායේ වෙත ශ්‍රි ලාංකිකයින් පිරිස රැගෙන එරට ආරක්ෂක අංශ වෙත භාර දී තිබුණා.
මේ අතර, නීතිවිරෝධී ලෙස රුමේනියාවට ඇතුළුවීමට උත්සාහ කළ ශ්‍රී ලාංකිකයින් ඇතුළු සංක්‍රමණිකයින් 27 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.