ප්‍රධාන මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්

දුම්රිය

රාගම සහ වල්පොල දුම්රිය ස්ථාන අතර දුම්රියක් කාර්මික දෝෂයකට ලක්වීම හේතුවෙන් අද (28) පෙරවරුවේ ප්‍රධාන දුම්රිය මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් සිදු වුණා.

දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ කාර්මික දෝෂයකට ලක්වූ දුම්රිය මේ වනවිට රාගම දුම්රිය ස්ථානය වෙත රැගෙනවිත් ඇති බව යි.

කෙසේ වෙතත්, ප්‍රධාන දුම්රිය මාර්ගයේ කොළඹ සිට දිවෙන මාර්ගයෙන් දුම්රිය ධාවන කටයුතු සිදුවන බව ද එම දෙපාර්තමේන්තුව සඳහන් කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *