දින හතරක් මුහුදේ අතරමං ව සිටි ධීවරයන් දෙදෙනෙකු බේරා ගැනෙයි

ධීවරයින්

මසුන් ඇල්ලීම සඳහා මුහුදු ගොස් සිටිය දී අතරමං වූ ධීවරයින් දෙදෙනෙකු කල්පිටිය ප්‍රදේශයෙන් මුහුදු ගිය ධීවරයින් පිරිසක් බේරා ගෙන තිබෙනවා.

පසුගිය 23 වන දා මන්නාරම – සිලාවතුර ප්‍රදේශයෙන් මුහුදු ගිය අවුරුදු 13 සහ 23 යන වයස් වන පසුවන තරුණයන් දෙදෙනෙකුයි මෙලෙස සොයාගෙන ඇත්තේ.

මොවුන්ගේ යාත්‍රාව කාර්මික දෝෂයකට ලක්වීම හේතුවෙන් මුහුදේ පාවෙමින් සිටිය දී අනෙක් ධීවරයන් පිරිස දැක ඇත්තේ.

පසු ව එම තරුණයන් දෙදෙනා ගොඩබිමට රැගෙනවිත් මන්නාරම රෝහලට ඇතුළත් කර තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *