දින තුනක දී ඉන්දියාවට පැමිණි ගුවන් මඟීන් 39කට කොරෝනා

දින තුනක දී ඉන්දියාවට පැමිණි ගුවන් මගීන් අහඹු ලෙස කරන ලද කොරෝනා පරීක්ෂණවල දී 39 දෙනෙකු ආසාදිතයන් බවට හදුනාගෙන තිබෙනවා.
පුද්ගලයන් 1,700ක් මෙහි දී පරික්ෂාවට ලක් කර ඇති බවයි ඉන්දීය වාර්තා සඳහන් කළේ.
චීනයේ කොරෝනා වෛරසය නැවත ව්‍යාප්ත වෙමින් පවතින පසුබිමක පවතින අවධානම සැලකිල්ලට ගෙනයි ඉන්දීය සෞඛ්‍ය අංශ මෙම තීරණය ගෙන ඇත්තේ.