ඇෆ්ගන් කාන්තාවන්ගේ මානව හිමිකම් උල්ලංඝණය වන බව ජගත් ආරක්ෂක කවුන්සිලය කියයි

ඇෆ්ගනිස්ථානයේ කාන්තාවන් හිංසනයට ලක් වන අයුරින් තලේබාන් පාලනය පනවා ඇති දැඩි නීති හේතුවෙන් මානව හිමිකම් උල්ලංඝනය වන බව ජගත් ආරක්ෂක කවුන්සිලය පෙන්වා දෙනවා.
කාන්තාවන්ට රාජ්‍ය නොවන සංවිධානවල සේවය කිරීම තහනම් කිරීම, පාසල් හා විශ්ව විද්‍යාල තුළ අධ්‍යපනය ලැබීම පසුගිය දා තලේබාන් පාලනය විසින් තහන්ම කරනු ලැබුවා.
මේ හේතුවෙන් කාන්තාවන් හිංසනයට ලක්වන බවත් ඔවුන්ට සම අයිතීන් ලබා දිය යුතු බවත් ආරක්ෂක කවුන්සිලය වැඩිදුරටත් පෙන්වා දෙනවා.
කෙසේ වෙතත් රට තුළ ක්‍රියාත්මක මෙම නීති හේතුවෙන් තලේබාන් සංවිධානය අපේක්ෂා කරන ජාත්‍යන්තර පිළිගැනීම හිමි නොවනු ඇති බව එක්සත් ජාතින්ගේ සංවිධානයේ මහලේකම් අන්තෝනියෝ ගුටේරස් ප්‍රකාශ කළා.