අද සිට රුපියල් 55ට බිත්තර

කොළඹ නගරය අවට සහ ගම්පහ දිස්ත්‍රික්කයේ ස්ථාන විස්සක දී රුපියල් 55කට බිත්තර අලෙවි කිරීම අද සිට ආරම්භ කෙරෙනවා.
ඒ, බිත්තර මිල ගණන් පාරිභෝගිකයන්ට දැරිය නොහැකි ආකාරයට ඉහළ යෑමත් සමඟ බිත්තර අවම මිලක් යටතේ අලෙවි කිරීම පිළිබඳව අමාත්‍ය මහින්ද අමරවීර සමඟ පැවති සාකච්ඡාවක දී බිත්තර නිෂ්පාදකයන්ගේ සංගම් පළ කළ එකඟතාවට අනුව යි.
ඒ අනුව ලොරි 20ක් යොදා ගනිමින් අද දිනයේ දී කොළඹ නගරය අවට සහ ගම්පහ දිස්ත්‍රික්කයේ බිත්තර අලෙවි කිරීමට යි පියවර ගැනෙන්නේ.
කොටුව දුම්රිය ස්ථානය, දෙමටගොඩ, කොම්පඤ්ඤවීථිය, දෙහිවල, බත්තරමුල්ල, නුගේගොඩ, මහරගම, මීගොඩ සහ නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථානය මෙන්ම හෝමාගමද බිත්තර අලෙවි කිරීමට සැලසුම් කර තිබෙනවා.
එමෙන්ම, වත්තල, ජාඇල, රාගම, මීගමුව, කිරිබත්ගොඩ, කඩවත සහ පෑලියගොඩ නගරවලදී අදාළ ලොරි රථවලින් රුපියල් 55ක මිලකට ජනතාවට එහි දී බිත්තර ලබා ගැනීමේ හැකියාව පවතිනවා.