ප්‍රදේශ කිහිපයකට වැසි

පීඩන අවපාතය අඩු-පීඩන කලාපයක් දක්වා දුර්වල වී ඇති අතර, එය අද දින (26) උදෑසන වන විට ශ්‍රී ලංකාවේ බටහිර වෙරළ දෙසට ගමන් කරනු ඇතැ යි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අපේක්ෂා කරනවා.
මෙම පද්ධතිය දිවයිනෙන් ඉවතට ගමන් කිරීමත් සමඟ ම අද සවස් කාලයේ සිට දිවයිනේ කාලගුණයට එමඟින් සිදු වූ බලපෑම අඩු වනු ඇතැ යි බලාපොරොත්තු විය හැකි යි.
මේ හේතුවෙන් බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ උතුරු පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්වලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන අතර, ඇතැම් ස්ථානවලට මිලි මීටර් 75ට වැඩි තරමක තද වැසි ද ඇති විය හැකි බව සඳහන්.
එසේ ම දිවයින හරහා විටින් විට හමන පැයට කිලෝ මීටර් 40-50ක පමණ තද සුළං ඇති විය හැකි බව වාර්තා වනවා.
ගිගුරුම් සහිත වැසි සමඟ ඇති විය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස යි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ