සියලු නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස්වරුන් කොළඹට

මැතිවරණ කොමිසම

දිස්ත්‍රික් නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස්වරුන් සහ සහකාර මැතිවරණ කොමසාරිස්වරුන් අද (23) කොළඹට කැඳවා තිබෙනවා.

විශේෂ සාකච්ඡාවක් සඳහා ඔවුන් කැඳවා ඇති බවයි මැතිවරණ කොමිසමේ සභාපති, නීතිඥ නිමල් පුංචිහේවා සඳහන් කළේ.

මේ අතර, ඊයේ දිනයේ දිස්ත්‍රික් ලේකම්වරුන් සමඟද මැතිවරණ කොමිසම සාකච්ඡාවක් පවත්වනු ලැබුවා.

මාර්තු 20 ට පෙර පැවැත්වීමට නියමිත පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළ මූලික කටයුතු පිළිබඳ සාකච්ඡාවක් තේරීම් භාර නිලධාරීන් ලෙස දිස්ත්‍රික් ලේකම්වරුන් සමඟ පැවැත්වූ බවයි මැතිවරණ කොමිසමේ සභාපති, නීතිඥ නිමල් පුංචිහේවා සඳහන් කළේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *