තවත් යූරියා පොහොර ටොන් 28,000 ක් දිවයිනට

යූරියා පොහොර මෙට්‍රික් ටොන් 28,000 ක් රැගත් තවත් නෞකාවක් අද (22) අලුයම කොළඹ වරායට ළඟාවුණා.
ලෝක බැංකු ණය මුදලක් යටතේ මිලදී ගන්නා ලද මෙම පොහොර තොගය මැලේසියාවේ සිට දිවයිනට ආනයනය කර ඇති අතර, ඒවා ගොවීන්ගේ වැඩි ඉල්ලුමක් සහිත කැටිති වශයෙන් පවතින බවයි කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කළේ.
මෙවර මහ කන්නය සඳහා ගොවීන්ට අවශ්‍ය කෙරෙන යූරියා පොහොර මිලදී ගැනීම සඳහා ලෝක බැංකුව විසින් ඇමරිකානු ඩොලර් මිලියන 110 ක මුදලක් ශ්‍රී ලංකාවට ලබාදුන්නා.
ඒ යටතේ දිවයිනට ආනයනය කෙරෙන යූරියා පොහොර තොගය මෙට්‍රික් ටොන් එක්ලක්ෂ විසි පන්දහසක්.
මීට පෙර මිලදී ගත් යූරියා පොහොර කැටිති වශයෙන් නොපැවති අතර, ඒවා උසස් ප්‍රමිතියකින් පැවතියත් ගොවීන් ඊට වැඩි කැමැත්තක් දක්වනු ලැබුවේ නැහැ.
ඒ අනුව ඇතැම් දිස්ත්‍රික්කවලට බෙදා හැර තිබූ එම පොහොර තොග යළිත් කැඳවීමට පියවර ගත් බව ද කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කළා.